මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය වෙත සාදරයෙන් පිළිගනිමු
வரவேற்கிறோம் வீதி அபிவிருத்தி அதிகார - செயற் பொறியாளர் அலுவலகம் தெனியாய
Welcome to the Road Development Authority - Executive Engineer's Office Deniyaya

Wednesday, February 3, 2016

National Flag

ශ්‍රී ලංකා ජාතික කොඩිය

මීට කලින් අපගේ ජාතික කොඩිය වූයේ කන්ද උඩරට රාජධානියේ අන්තිම රජුගේ රාජකීය ධජයයි. එහි තද රත් පැහැයෙන් යුත් පසුබිමක දකුනතින් කඩුවක් ගත් සිංහයෙක් කහ පැහැයෙන් නිරූපනය විය. කොඩියේ කොන් සතරේ කහ පැහැයෙන් යුත් කොත් හතරක්ද, කොඩිය වටා දිවෙන කහ පැහැති වාටියක් ද ඇත.

කන්ද උඩරට රාජධානියේ රාජකීය ධජය

අපගේ වර්ථමාන ජාතික කොඩියෙහි තද රතු පසුබිමේ තිබුනු කහ පැහැති සිංහ රූපය එසේම තබා ඇත. මුලු සතරෙහි කහ පැහැති බෝ පත් සතරක් වේ. තැඹිලි සහ කොල පැහැයෙන් යුත් එකම ප්‍රමානයේ සිරස් තීරු දෙකකි. මෙකී තීරු දෙකේ ප්‍රමානය කොඩියේ සම්පූර්ණ ප්‍රමණයට සාපේක්ෂ වශයෙන් බලන විට 1:1:5 යන අනුපාතයෙන් වේ. කොඩිය වටා කහ පැහැති වාටියක් ඇත.

වර්ථමාන ජාතික කොඩිය

නිදහස් දිනය සමරන මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජාතික කොඩියට ගෞරව කල යුතු ආකාරය ගැන සලකා බැලීම වටී.

ජාතික කොඩිය ප්‍රදර්ශනය කල යුතු අවස්ථා;

1.      ජාතික දිනය හා රජය විසින් ප්‍රකාශට පත් කරනු ලබන ජාතික වශයෙන් වැදගත් එවැනි වෙනත් දිනයන් හිදී.
2.      සියලුම රාජ්‍ය උත්සවයන් හිදී.

එලිමහනේ ප්‍රදර්ශනය කල යුතු ආකාරය;

1.      ජාතික කොඩියට ඉහලම ගෞරවනීය ස්ථානය ලබා දිය යුතු අතර එය පැහැදිලිව පෙනෙන ස්ථානයක සවිකර තැබිය යුතුය.
2.      ජාතික කොඩිය එසවිය යුත්තේ එහි සිරස් තීරු දෙක කොඩි ගසදෙසින් සිටිනා පරිදිය.
3.      රාත්‍රී කාලයේදී ජාතික කොඩිය ඔසවා තබන්නේනම් එය විදුලි ආලෝකය යටතේ තැබිය යුතුය.
4.      වෙනත් කිසිම කොඩියක් ජාතික කොඩියට ඉහලින් ඔසවා නොතැබිය යුතුය.
5.      වෙනත් ජාතීන්ට අයත් කොඩි ඔසවා තබන්නේනම් ඒවා ජාතික කොඩි ගසට සමාන උසින්ම සිටින සේ ඔසවා තැබිය යුතු අතර එම කොඩි ජාතික කොඩියට වම් පසින් තිබිය යුතුය. කොඩි සියල්ල ප්‍රමානයෙන් දල වශයෙන් සමාන විය යුතු අතර ජාතික කොඩියට වඩා විශාල නොවිය යුතුයි.
6.      ආගමික කොඩි ප්‍රදර්ශනය කල යුත්තේ ජාතික කොඩිය හා සමාන උසට සිටිනා පරිදිය.
7.      ප්‍රාදේශීය කොඩි හෝ සමිති, පාසල් ,සංගම් ආදියෙහි කොඩි සමග සාමූහික වශයෙන් ජාතික කොඩිය ද ඔසවන විටෙක ජාතික කොඩිය ඒ සියල්ලටම මැදින් ඉහලම ස්ථානයේ ඔසවා තැබිය යුතුය.
8.      ගොඩනැගිල්ලක ජනෙල් පඩියකින් හෝ සඳලුතලයකින් හෝ ඉදිරිපසින් පිටතට නෙරා සිටින සේ සවි කල කොඩි ගසක ජාතික කොඩිය ඔසවන්නේ නම් එම කොඩි ගස තිරස්ව නොව අංශක 45 කෝණයකින් ආනතව සවි කල යුතු වේ.
9.      වීදියක් මැද ජාතික කොඩිය එල්ලා තබන්නේ නම් සිංහයා නිසි පරිදි ඍජුව සිටිනසේ තිරස් අතට කොඩිය දිග පැත්තෙන් එල්විය යුතුය.
10.  ජාතික කොඩිය කථික වේදිකාවක් මත ඔසවා තබන්නේ නම්, කථිකයා සභාවට  මුහුණ දුන් විට ඔහුගේ දකුනින් තිබෙන පරිදි කොඩි ගසක ඔසවා තැබිය යුතුය, නැතහොත් කථිකයාට පිටුපසින් වූ බිත්තියේ ඔහුට ඉහලින් එල්ලා තැබිය යුතුය.
11.  කිසිම විටෙක ජාතික කොඩියේ සිංහයා උඩුයටිකුරු කොට ප්‍රදර්ශනය නොකල යුතුය.
12.  ජාතික කොඩිය පොලොව හෝ බිම ස්පර්ශ වීමට ඉඩ නොතැබිය යුතුය.
13.  ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගසට හෝ යොතට වෙලඳ දැන්වීම් කිසිවක් සවි නොකල යුතුය.
14.  හානියට පත් වූ, විවර්ණ වූ හෝ අපවිත්‍ර වූ ජාතික කොඩි ප්‍රදර්ශනයෙන් වැලකිය යුතු අතර එසේ හානියට පත් කොඩි අප්‍රසිද්ධියේ විනාශ කර දැමිය යුතුය.

ජාතික කොඩිය එසවිය යුතු ආකාරය;
1.      ජාතික කොඩිය එසවීම හා පහත් කිරීම සෙමින් හා ගෞරවාන්විතව කල යුතුයි.
2.      එකට යාව පිහිටි කොඩි ගස් කිහිපයක විවිධ වර්ගයේ කොඩි ඔසවන විට පලමුව එසවිය යුත්තේත්, අවසානයට පහත් කල යුත්තේත් ජාතික කොඩියයි.
3.      පෙරහැරවල ජාතික කොඩිය රැගෙන යන විට එහි කනු ඍජුව සිටින සේ ගෙනයා යුතු අතර කිසිදු අවස්ථාවකදීවත් එය පහත් නොකල යුතුය.
4.      උත්සවයකදී ජාතික කොඩිය ඔසවන විට සියලුදෙනාම නැගිට සීරුවෙන් කොඩිය දෙසට මුහුණදී සිටිය යුතුය.
5.      ජාතික ගීය ගායනා කල යුතු වන්නේ ජාතික කොඩිය එසවූ විගසයි.


ජාතික කොඩිය අඩකුඹු කර තැබීම.

ජාතික ශෝක දිනයන්  ජාතික කොඩිය අඩකුඹ කර තැබිය යුතුය. එහිදී කොඩිය මොහොතකට කොඩි ගසෙහි ඉහලටම ඔසවා තබා යලි අඩකුඹ කර තැබෙන ස්ථානය දක්වා පහත් කරනු ලැබේ. එහෙත් දවස අවසානයේ ජාතික කොඩිය පහත් කිරීමට පෙර එය නැවතත් මුදුනටම එසවිය යුතුයි.
කොඩිය අඩකුඹ කර තැබිය යුතු අවස්ථාවලදී කොඩිගසේ මුදුනේ සිට මනින විට 1/3ක උස ප්‍රමාණයක් එය පහත් කල යුතුයි.

කොඩියේ සැලැස්ම, දිග, පළල ප්‍රමාණය හා වර්ණ ;
සියලුම ජාතික කොඩි වල සැලැස්ම දිග පළල ප්‍රමාණය හා වර්ණ,  එස්. එල්. එස්. 693:1985 අංක දරන ශ්‍රී ලංකා ජාතික කොඩිය සඳහා වූ ශ්‍රීලංකා ප්‍රමිති පිරිවිතරයට අනුකූල විය යුතු වේ.