මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය වෙත සාදරයෙන් පිළිගනිමු
வரவேற்கிறோம் வீதி அபிவிருத்தி அதிகார - செயற் பொறியாளர் அலுவலகம் தெனியாய
Welcome to the Road Development Authority - Executive Engineer's Office Deniyaya

Saturday, March 30, 2019

මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය හා මාතර කාර්යාල අතර පැවැත්වූ සුහද ක්‍රිකට් තරගාවලිය


මාර්ග සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් නිළධාරින් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් යුතුව දෙනියාය විධායක ඉංජිනේරු  කාර්යාලය විසින් සංවිධානය කරන ලද සුහද ක්‍රිකට් තරගාවලිය 2019.03.30 දින මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

තරගාවලිය සදහා මාතර ප්‍රධාන ඉංජිනේරු  කාර්යාලය,  මාතර විධායක ඉංජිනේරු  කාර්යාලය හා දෙනියාය විධායක ඉංජිනේරු  කාර්යාලය නියෝජනය කරමින් කණ්ඩායම් තුනක් තරග වැදුනි.

තරගාවලිය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර අවසන් මහ තරගයට මාතර විධායක ඉංජිනේරු  කාර්යාලය හා දෙනියාය විධායක ඉංජිනේරු  කාර්යාලය සුදුසුකම් ලබා ගත්හ. එහිදී තියුණු සටනක් දෙමින් පන්දුවක් ඉතිරිව තිබියදී අවසන් තරගය ජයගැනීමට  මාතර විධායක ඉංජිනේරු  කාර්යාල කණ්ඩායම සමත් විය.

තරගාවලියේ වීරයා - රවිදු රාමසිංහ  (ලකුණු 61 - කඩුලු 6) (මාතර වි. ඉ. කාර්යාලය)
හොදම පිතිකරු - ඒෂාන් මධුමාධව (ලකුණු 97) (දෙනියාය වි. ඉ.  කාර්යාලය)
හොදම පන්දුයවන්නා - දමිත් කුමාර (කඩුලු 5) (දෙනියාය වි. ඉ.  කාර්යාලය)

තරග සාරාංශය.

පළමු තරගය
මාතර විධායක ඉංජිනේරු  කාර්යාලය  - 107/5 (8.0)
රවිදු    - 44                              රංග           -16/2
දිලුක   - 20                             සදුන්          -19/1
රංග    - 13                              නිරෝෂන්  - 29/1
මාතර ප්‍රධාන ඉංජිනේරු  කාර්යාලය  - 79/8 (8.0)
නිශාන්ත   - 24                      රවිදු        - 9/3
නිරෝෂන්  - 16                      චතුරංග  - 8/1
නලින්         - 10                      චාමර       - 18/1
මාතර විධායක ඉංජිනේරු  කාර්යාලයට ලකුණු 28 ක ජයක්.

දෙවන තරගය
දෙනියාය විධායක ඉංජිනේරු  කාර්යාලය - 184/4 (8.0)
            ඒෂාන්    - 69*                         නිශාන්ත  - 19/2
            අනුෂ්ක  - 54                          රංග          - 29/1
            දමිත්      - 39                          සදුන්         - 29/1
මාතර ප්‍රධාන ඉංජිනේරු  කාර්යාලය  -50/8 (8.0)
            ඩිලන්ත   - 20                         දමිත්        - 3/3
            සුරංග     - 7                           එරන්ද      -11/2
            සංජීව      - 3                           ඒෂාන්      - 1/1
දෙනියාය විධායක ඉංජිනේරු  කාර්යාලයට ලකුණු 134 ක ජයක්.

අවසාන මහා තරගය
දෙනියාය විධායක ඉංජිනේරු  කාර්යාලය  - 74/8 (8.0)
            ඒෂාන්    -28                           චාමර      - 8/3
            දුමින්ද    - 15                          රවිදු        - 15/3
            සේනානායක - 12                 රංග        - 15/1
මාතර විධායක ඉංජිනේරු  කාර්යාලය  - 79/6 (7.5)
            රවිදු       - 17*                         දමිත්        - 10/2
            නුවන්     - 13*                         මධුශංක - 17/2
            චාමර     - 13                          එරන්ද     - 14/1         

            මාතර විධායක ඉංජිනේරු  කාර්යාලයට කඩුලු 4  ක ජයක්.



1 comment:

  1. ප්‍රෙද්ශයේ ක්‍රීඩාව නගාදිටුවීමට ඔබ සියළු දෙනා විසින් කරන සේවාවට තුති!

    ReplyDelete