Milestones of Sri Lankan Road Development.
මාර්ග සංවර්ධන අධිකාරියට වසර 30ක් පිරීම නිමිත්තෙනි;
ශ්‍රී ලාංකීය මාර්ග පද්ධතියේ ඉතිහාසය ඈත අතීතය දක්වා දිව යන්නකි. මාර්ග ඉදි කිරීම හා මාර්ග පද්ධති පැවති ආකාරය පැරණි ග්‍රන්ථ විමර්ශනයේදී තහවුරු වේ.
මහාවංශයේ සඳහන් ආකාරයට ක්‍රි.පූ. 5 වන සියවසේ පණ්ඩුකාභය රජතුමාගේ කාලයේ අනුරාධපුර නගරය ඇති කිරීමත් සමග මංමාවත් ද ඉදි කල බව සඳහන් වේ.
ක්‍රි.පූ.
3වන සියවසේදී ශ්‍රී මහ බෝධිය ලක්දිවට වැඩම කරවීමට දඹකොලපටුනේ සිට අනුරාධපුරයට මාර්ගයක්
තිබූ බවද මල්වතු ඔය හරහා එතර වීමට ගල් පාලමක් තිබූ බවද සඳහන්ව ඇත.
ක්‍රි.පූ.
161 දී දුටුගැමුණු රජතුමා තම යුධ සේනාව මාගම සිට අනුරාධපුරය දක්වා පැමිණීමට එකල තිස්සමහාරාමයේ
සිට බුත්තල, මහියංගනය, පොලොන්නරුව හරහා අනුරාධපුරයට මාර්ගයක් පැවති බව සඳහන් වේ. මෙම
මාර්ගයම ක්‍රි.ව. 12 වන සියවසේදී නිශ්ශංකමල්ල රජ දවස වැඩි දියුණු කර තැනින් තැනට දුර
සඳහන් කල සෙල් ලිපිද ඉදි කරන ලදී. එම කාලයේදීම දකුණේ අම්බලන්තොට සිට දෙවුන්දර,වැලිගම,
බේරුවල හරහා නිරිත දිග මුහුදු වෙරල තීරය ඔස්සේ
අනුරාධපුරයට මාර්ගයකතිබූ බවද සඳහන් වේ.
පොලොන්නරු
යුගයේ දේවපතිරාජ නම් ඇමතිවරයෙකු විසින් ශ්‍රීපාදයට යාමට පාරක් සකස් කර ඇත .
ෆාහියන්
හිමිගේ දේශාටන වාර්තා වල සඳහන්වන පරිදි අනුරාධපුර ප්‍රදේශයේ හොදින් නඩත්තු කල පාරවල්
තිබූ බවද ජලය බැසයන කාණු ද තිබූ බව සඳහන් වේ.
පෘතුගීසි,
ලන්දේසි යුග වලද මෙරට මාර්ග තිබූ බව සඳහන් වන අතර ඒවා ප්‍රධාන වශයෙන් වෙරල තීරය ඔස්සේ
තිබුණු මාර්ගවේ.
මේ
සියලු මාර්ග කරත්ත වලට හා අශ්වයින්ට පමණක් ගමන් කල හැකි මට්ටමේ තිබූ ඉතා පටු මාර්ග
වූ අතර ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් පැවති ඒ කාලයේ සියලුදේ ගමේම නිපදවූ අතර දීර්ඝ ගමන්
යාමක් වැඩිවශයෙන් සිදු නොවූ නිසා මාර්ග ඉදි කිරීම් සඳහා වැඩි වශයෙන් යොමු නොවන ලදී
.
දැනට පවතින මාර්ග පද්ධතියේ ආරම්භය බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය දක්වා දිව යන්නකි. උඩරට පැවති වතුවල සිට වැවිලි බෝග කොළඹ වරාය වෙත ප්‍රවාහනය කරවීමටත් සිවිල් පරිපාලනය හා ආරක්ෂාව විධිමත්ව කරගෙන යාම පිණිසත් මෙම මාර්ග ඉදි කිරීම කරන ලදී.
1820-
බ්‍රිතාන්‍ය
යටත්
විජිත
යුගයේ
මුල්
වකවානුවේ යුධ
හමුදා
ඉංජිනේරු අංශය
විසින්
මාර්ග
ඉදිකිරීම කරවන
ලද
අතර
රාජකාරි ක්රමය
අනුව
කම්කරුවන් සේවයේ
යොදවන
ලදී.
1820 – 1825 කොළඹ
නුවර
මාර්ගය
ඉදි
කිරීම
1821- කුරුණෑගල නුවර
මාර්ගය
ඉදි
කිරීම
1825- අඹේපුස්ස කුරුණෑගල
මාර්ගය
ඉදි
කිරීම
1827- කුරුණෑගල දඹුල්ල
මාර්ගය
ඉදි
කිරීම
1831- නුවර මාතලේ
මාර්ගය
ඉදි
කිරීම
Dawson Tower- Kadugannawa |
ගඟේ
පළල
වැඩිනිසා පාලමක්
ඉදිකිරීම ඉතා
දුෂ්කර
කාර්යයක්
වූ
බැවින්
මී.
165 ක්
පමණ
දිගට
බෝට්ටු
22කින්
යුත්
පාරු
පාලමක්
ඉදි
කරන
ලදී.
කොළඹ
නුවර
මාර්ගයේ පේරාදෙණියේ මහවැලි
ගඟ
හරහා
ඉදිකරන
ලද
බුරුත
ලී
පාලම
එකල
තිබූ
විශිෂ්ට නිර්මාණයකි.
දිග
අඩි
205කින්
හා
පළල
අඩි
22 කින්
යුතු
මේ
පාලමට
එකම
ඇණයක්වත් භාවිතා
නොකල
බව
පැවසේ.
තවද
මෙහි
විශේෂත්වය වූයේ
නඩත්තු
කිරීම
සඳහා පාලමේ ඕනෑම
කොටසක්
ගැලවිය
හැකි
වුවත්
එවිට
පාලමට
කිසිදු
හානියක් නොවීමයි.
කම්කරුවන් දහස්
ගණනකගේ
ශ්රමයෙන්
ඉදි
කරන
ලද
මෙම
පාලම
ලුතිනන් ජෙනරල්
ජෝන්
ෆ්රේසර් සහ
කර්නල්
ඇලෙක්ස් බ්රවුන්ගේ
අධික්ෂණය යටතේ
සිදු
කරන
ලදී.
1831-
මාර්ග
වලින්
බදු
ගැනීම
සිදුකිරීම
එවකට
ඉදි
කල
මාර්ග
වලින්
හා
පාලම්
වලින්
එතෙර
වන්නන්ගෙන් බදු
අයකර
ගැනීමක් සිදු
කල
අතර
මුල්
අවුරුදු කීපය
තුල
එකතුවන
බදු
මුදල
එම
පාලම්
ඉදිකල
වඩුවන්ට ලබා
දෙන
ලදී.
1833-
සිවිල්
ඉංජිනේරු දෙපාර්තමේන්තුව ආරම්භ කිරීම
මේ
කාලය
වන
විට
රටේ
වතු
වගාව
ප්රචලිතව
පැවති
අතර
දියුණු
මාර්ග
පද්ධතියක අවශ්යතාව
තදින්ම
දැනින.
හමුදා
පාලනයක් මගින්
පාලනය
වූ
මාර්ග
ඉදිකිරීම මුල්
වරට
සිවිල්
ඉංජිනේරුවන් මගින්
පාලනය
වන්නේ
මෙම
දෙපාර්තමේන්තුව ඇරඹිමත් සමගය.
1833 ජනවාරි 01 – රථවාහන පාලනය සඳහා පාරේ වම් පසින් ගමන් කිරීමට නීතියක් පැනවීම.
1841-
කොළඹ
නුවර
මාර්ගය
ගල්
අතුරා
සකස්
කිරීම
1848-
මාර්ග
ආඥාපනත
හඳුන්වා දීම (1848 උඩරට කැරැල්ලේ ප්රතිපලයක් ලෙස මෙය ක්රියාත්මක නොවිණි)
මෙම
පනත
මගින්
වයස
අවු.
18 ත්
60 ත්
අතර
පිරිමින් අනිවාර්යයෙන්
වසරකට
දින
6ක්
මාර්ග ඉදිකිරීම සඳහා සේවය ලබා දිය
යුතු
වූ
අතර
නැතහොත් සිලිං
3 ක
බද්දක්
ගෙවීමට
නියම
කර
තිබින.
හෙන්රි
වෝඩ්
ආණ්ඩුකාරවරයා විසින්
කොළඹ
සිට
අඹේපුස්ස දක්වා
වූ
පලමු
දුම්රිය මාර්ගය
තැනීම
සඳහා
1858 අගෝස්තු
03 වන
දින
මංගල
පස්පිඩැල්ල කපන
ලදී.
1860 දශකය - රේල් පීලි
භාවිතා
කර
දිගින් වැඩි පාලම්
ඉදි
කිරීම
ආරම්භ
කිරීම
දුම්රිය
මාර්ග
තැනීම
ඇරඹීමත් සමග
එම
රේල්
පීලි
යොදා
ගනිමින් අඩි
35 පමණ
දක්වා
වූ පාලම් ඉදි
කිරීම
ආරම්භ
කරන ලදී.
ආණ්ඩුකාර
හෙන්රි
වෝඩ්
විසින්
1860 දී
පාලම
විවෘත
කරන
ලදී.
1861- ශ්රී ලංකාවේ
පලමු
මාර්ග
ආඥාපනත
(Thoroughfares Ordinance) ක්රියාත්මක කිරීම
1863-
රජයේ (ප්රසිද්ධ) වැඩ දෙපාර්තමේන්තුව
(Public Works
Department- PWD) ආරම්භ
කිරීම
එකල
යුධ
හමුදා
ඉංජිනේරු අංශයෙන් පාලනය
වූ
මහාමාර්ග මෙම
දෙපාර්තමේන්තුවට පවරන ලදී. තවද
ගොඩනැගිලි,
ජල
සම්පාදන හා
ජලාපවාහන,
නිවාස
ඉදිකිරීම් වල
වගකීමද
මෙයට
පවරන
ලදී.
1870
දශකය-
මැකඩම්
(Macadam) ක්රමයට
මාර්ග
ඉදි
කිරීම
ආරම්භ
කිරීම
අධික
වර්ෂාවත්,
කරත්ත
වැඩි
වශයෙන්
ගමන්
කිරීම
නිසාත්
බොරළු
පාරවල්
හෑරී
ගමනාගමනයට අපහසු
තත්වයට
පත්වූ
බැවින්
එකල
යුරෝපයේ තිබූ
දියුණු
ක්රමයක්
වූ
මැකඩම්
ක්රමයට
මාර්ග
තැනීම
අරඹන
ලදී.
1874-
කනංකේ
පාලම
ඉදි
කිරීම
එවකට
ලී
පාලමක්
ලෙස
පැවති
කළුතර
පාලම
වෙනුවට
යකඩ
පාලමක්
ඉදි
කරන
ලදී.
1878-
පාලම්
තැනීම
සඳහා
කර්මාන්ත ශාලාවක් ඇරඹීම
මෙය මගින් විදේශයන්හිදී
නිපදවූ පාලම් කොටස්
මෙරටට ගෙන්වා පාලම් සවි කිරීම
මෙරටදී සිදු කරන
ලදී
අලි ඇතුන් මගින් හා ගල්
රෝල් මගින් මාර්ග තලනු වෙනුවට වාෂ්ප
බලයෙන්
ක්රියා
කරන
මාර්ග
තලන
යන්ත්රය
යොදා ගත් අතර 1906 වර්ෂය
වන විට වාෂ්ප
බලයෙන්
ක්රියා
කරන
මාර්ග
තලන
යන්ත්‍ර 25 ක් පමණ තිබූ බව වාර්තාවේ.
එතෙක්
පැවති
පාලම්
පාරු
සේවය
වෙනුවට
යකඩින්
තැනූ
පාලමක්
ඉදි
කරන
ලදී.
බවුස්ටඩ්
සහෝදර
සමාගම
විසින්
කොළඹ
නගරයේ
විදුලි
රිය
(Tram Car) ධාවනය
ආරම්භ කරන ලදී. මෙහි මුල්ම ගමන පිටකොටුවේ සිට තොටලඟ දක්වා ගමන් ගන්නා ලදී.
1900
දශකය
- ශක්තිමත් යකඩ
පාලම්
හඳුන්වාදීමත් සමග
දිගින්
වැඩි
පාලම්
ඉදි
කිරීම
ඇරඹීම
ඊ.පී. මනි
නැමැත්තා විසින්
මෙරටට
ප්රථම
මෝටර්
රථය
ගෙන්වන
ලදී.
1904- පළමු වරට
වාහනවල
සංගණනයක් පැවැත්වීම.
කටුගස්තොට
පාලමේ
යම්කිසි දුර්වලතාවයක් නිසා
අවශ්‍ය
පියවර
ගැනීම
සඳහා
පාලමෙන් ගමන්
කරන
වාහන
වල
සංගණනයක් පවත්වන
ලද
අතර
ඉන්
පසු
පාලමේ
ආරක්ෂාව පිණිස
රෙගුලාසි පනවන
ලදී.
1905- මාර්ග වලින්
බදු
ගැනීම
අහෝසි
කිරීම
1831 දී ආරම්භ
කල
මාර්ග
භාවිතා
කරන්නන්ගෙන් බදු
අය
කර
ගැනීමේ
ක්රමය
අහෝසි
කරන
ලදී.
1930- මෝටර් රථ
භාවිතය
ප්රචලිත
වීම
බදු
ක්රම
අහෝසි
වීමත්,
මාර්ග
වල
තත්වය
දියුණු
වීමත්
නිසා
මෝටර්
රථ
භාවිතය
වැඩි
විය.
1930
දශකය-
මාර්ග
තැලීම
සඳහා
ටොන්
10 රෝල
(10 Ton Roller) භාවිතය ඇරඹීම
පාලම්
සඳහා
ටොන්
6 ක
බර
සීමාවක් මුලදී
(1910) පනවන
ලද
අතර
රථ
වාහන
භාවිතය
වැඩි
වීමත්
සමග
එම
සීමාව
සංශෝධනය කරමින්
මෙම
ආඥාපනත
පලකරන ලදී.
1938- පාලම් සැලසුම් කිරීමේ
හා
ඉදිකිරීමේ අංශය ඇරඹීම
රජයේ
වැඩ
දෙපාර්තමේන්තුව විසින් පාලම්
සැලසුම් කිරීම
හා
ඉදිකිරීම සඳහා
වෙනම
අංශයක්
ඇතිකරන ලදී.
1951-
රටේ
පැවති
සියලුම
මාර්ගයන්හි නඩත්තු
කටයුතු
රජයේ
වැඩ
දෙපාර්තමේන්තුවට (PWD) පැවරීම
ප්රධාන
පෙලේ
මාර්ගයන්ට අමතරව
ග්රාමීය
මාර්ග
සංවර්ධන හා
නඩත්තු
කටයුතුද මෙයට
පවරන
ලදී.
1959- නව කැළණි
පාලම
ඉදි
කිරීම
පෙර තිබූ යකඩ පාලම වෙනුවට පෙරතැඳි කොන්ක්රීට්
(Prestressed Concrete) යොදා නව පාලම ඉදි කරන ලද අතර එහි දිග අඩි
900 ක් හා පළල අඩි 80කින් යුක්ත විය.
මේ
කාලයේදීම වේරගංතොට,
ගිංතොට,
පොල්
අතුමෝදර වැනි
පාලම්ද
ඉදි
කිරීම
අරඹන
ලදී.
1969- මහාමාර්ග දෙපාර්තමේන්තුව
(Highway Department) ආරම්භ කිරීම
රජයේ
වැඩ
දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ මාර්ග ක්ෂේත්රයේ කාර්යයන් ප්රවාහන හා
වැඩ
අමාත්යාංශය
යටතේ
ඇතිකල
මහාමාර්ග දෙපාර්තමේන්තුව වෙත පවරන ලදී.
1971-
ප්රාදේශිය
සිවිල්
ඉංජිනේරු සංවිධානය (Territorial Civil Engineering Organisation- TCEO) ආරම්භ
කිරීම
එකල
රජයේ
වෙනස්වීමත් සමග
ප්රාදේශිය
සිවිල්
ඉංජිනේරු සංවිධානය (TCEO) ආරම්භ කරමින් මහාමාර්ග
දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යයන් එය වෙත පවරන ලදී.
එයට
අමතරව
වාරිමාර්ග,
වැව්
නඩත්තුව හා
වැඩි
දියුණු
කිරීමද
අයත්
විය.
එම
සංවිධානය අධ්යක්ෂ
ජනරාල්
වරයෙකු
යටතේ
සහ
පලාත්
අධ්යක්ෂවරුන් 9
දෙනෙකු
යටතේ
පාලනය
විය.
1971-
රාජ්‍ය
සංවර්ධන හා
ඉදිකිරීම් සංස්ථාව (State Development and Construction Corporation- SD
& CC) ආරම්භ කිරීම
රජයේ
වැඩ
දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන ගිය පාලම්
සැලසුම් කිරීම
හා
ඉදිකිරීම් අංශයේ කාර්යය මෙන්ම
අනෙකුත් ඉදිකිරීම් රාජ්‍ය
සංවර්ධන හා
ඉදිකිරීම් සංස්ථාවට භාර
දෙන
ලදී.
1978-
ප්රාදේශිය
සිවිල්
ඉංජිනේරු සංවිධානය (TCEO) අහෝසි කිරීම
නැවත සිදුවූ රජයේ වෙනස්වීම් මත ප්රාදේශිය
සිවිල්
ඉංජිනේරු සංවිධානය (TCEO) අහෝසි කල අතර
එහි
වැඩ
කටයුතු
මහා
මාර්ග
දෙපාර්තමේන්තුවට නැවත පවරන ලදී.
1981- අංක 73 දරණ මාර්ග
සංවර්ධන අධිකාරි පනත
පල
කිරීම
1983-
මාර්ග
සංවර්ධන අධිකාරිය (Road Development Authority- RDA) පිහිටුවීම.
මහා
මාර්ග
අමාත්යාංශය
යටතේ
මාර්ග
සංවර්ධන අධිකාරිය පිහිටුවන ලද
අතර
එහි
කාර්යය
තෝරාගත් ඉදිකිරීම් සිදු
කිරීමට
පමණක්
සීමා
විය.
එකල සිදුවූ යම් අක්රමිකතා හේතුවෙන් මහාමාර්ග දෙපාර්තමේන්තුව
අහෝසි
කර
එහි
වගකීම
මාර්ග
සංවර්ධන අධිකාරියට පවරන ලදී. මෙම කාලය වන විට රටේ පැවති කි.
මී. 28000 ක් පමණ වූ A,B,C,D,E ශ්රේණියේ මාර්ග සහ එහි පාලම් සියල්ලේ සංවර්ධනය
හා නඩත්තු කිරීමේ වගකීම පවරන ලද්දේ මාර්ග සංවර්ධන අධිකාරියටයි.
1987- මාර්ග ඉදිකිරීම්
හා
සංවර්ධන සමාගම
(Road Construction and Development Company – RC&DC) පිහිටුවීම
මෙම සමාගම, මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා ප්රධාන කොන්ත්රාත්කරු ලෙස යොදවා දෛනික මාර්ග නඩත්තු
සහ ඉදිකිරීම් වැඩ ක්රියාත්මක කල අතර මාර්ග
සංවර්ධන අධිකාරිය විසින්
සැලසුම් කිරීම, ගුණාත්මක අධීක්ෂණය,
ගෙවීම් සහතික කිරීම, ඉදිකිරීම් සඳහා තාක්ෂණික උපදෙස් ලබාදීම සිදු කරන
ලදී. මෙම
සමාගම
විසින්
පලාත්
සඳහා
පලාත්
කාර්යාල 9 ක්ද, දිස්ත්රික්
කාර්යාල 48 ක්ද
ස්ථාපිත කරන
ලදී.
1989- පලාත් සභා
(Provincial Council) ක්රමය ඇරඹීම
පලාත්
සභා
ක්රමය
ඇරඹීමත් සමග මාර්ග
සංවර්ධන අධිකාරිය සතු
කි.
මී.
17000 ක්
පමණ
වූ
C,D සහ
E ශ්රේණියේ
මාර්ග
හා
එහි
නඩත්තුව පලාත්
සභා
වෙත
පවරන ලදී. එතැන් සිට A හා B ශ්රේණියේ
ප්රධාන
මාර්ග
පමණක්
සහ
එහි
පාලම්
වල
නඩත්තු
හා
සංවර්ධන කටයුතු
මාර්ග
සංවර්ධන අධිකාරියට පැවරී
ඇත.
දැනට
ජාතික
මහා
මාර්ග
ලෙස
හඳුන්වන්නේ එම
මාර්ග
වේ.
මෙම
කෞතුකාගාරය කොළඹ
නුවර
මාර්ගයේ පිළිමතලාවේදී ඉදි
කරන
ලද
අතර
අතීතයේ
මාර්ග
ඉදිකිරීමට භාවිතා
කල
මාර්ග
තලන
යන්ත්‍ර, තාර
බොයිලේරු,
මිනුම්
උපකරණ
ගල්
රෝල
සහ
බෝගොඩ
පාලමේ
ආකෘතියක් ද
මෙහි
තබා
ඇත.
1995-
මාර්ග
සංවර්ධන අධිකාරිය විසින්
ඍජු
කම්කරු
නඩත්තු
ක්රමය (Direct Labor System) ඇරඹීම
ඒ
සමගම
මාර්ග
ඉදිකිරීම් හා
සංවර්ධන සමාගම
(RC&DC) මගින් සිදු කරගෙන
ගිය
දෛනික
මාර්ග
නඩත්තු
කොටස
මාර්ග
සංවර්ධන අධිකාරියේ ඍජු කම්කරුවන් මගින්
සිදු
කර
ගෙන
ගිය
අතර
ආවර්තීය නඩත්තු
හා
ඉදිකිරීම් කටයුතු
තව
දුරටත්
මාර්ග
ඉදිකිරීම් හා
සංවර්ධන සමාගම
(RC&DC) මගින් සිදු කරගෙන
යන
ලදී.
1996- මහනුවර උමං
පදික
මාරුව
ඉදි
කිරීම
මාර්ග
තදබදයට
පිළියමක් ලෙස
හා
මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මහනුවර
නගරයේ
උමං
පදික
මාරුවක් ඉදි
කරන
ලදී.
1999- පෙරමුසු කාපට්
මිශ්රණ
යන්ත්රාගාර
(asphalt Plant) භාවිතය ප්රචලිත වීම
ඒ
සමගම
දිවයින
පුරා
මාර්ග
වල
කාපට්
ඇතිරීමේ ව්යාපෘති
ආරම්භ
කරන
ලදී.
2000- බොරැල්ල උමං
පදික
මාරුව
(Sub way) ඉදි
කිරීම
මාර්ග
තදබදය
වැඩි
වශයෙන්
පැවති
බොරැල්ල පස්මං
හන්දියේ උමං
පදික
මාරුවක් ඉදි
කරන
ලද
අතර
එය
මෙරට
විශාලම
උමං
පදික
මාරුවයි.
2003-
මාර්ග
ඉදිකිරීම් හා
සංවර්ධන සමාගම
(RCDC) විසුරුවා හැරීම
දෛනික
හා
ආවර්තීය මාර්ග
නඩත්තු
කොටස
මාර්ග
සංවර්ධන අධිකාරියේ ඍජු කම්කරුවන් මගින්ම
සිදු
කිරීමත්,
ඒ
වන
විට
මාර්ග
සංවර්ධනය සඳහා
පුද්ගලික අංශයේ
තරඟකාරී බව
නිසාත්
මාර්ග
ඉදිකිරීම් හා
සංවර්ධන සමාගම
(RCDC) විසුරුවා හැරීමට සිදුවිය.
2004- මගනැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්රෝපකරණ පුද්ගලික සමාගම (MNRCEC) පිහිටුවීම
ග්රාමිය මාර්ග සංවර්ධනය කිරීමට මුල් තැනක්
දෙමින් මෙම සමාගම ආරම්භ කල අතර මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම සමාගම විසින් මාර්ග සංවර්ධන ව්යාපෘති රැසක් සිදු කරන ලදී.
2005- ග්රාමීය
මාර්ග කොන්ක්රීට් කිරීම ආරම්භ කිරීම
පලාත් පාලන ආයතන යටතේ පවතින ග්රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ අරමුණින්
යුතුව මාර්ග කොන්ක්රීට් කිරීමේ ව්යාපෘති රැසක් මෙකල ආරම්භ විය. මාර්ග නඩත්තු කිරීමට
හා ඉදි කිරීමට අවම තාක්ෂණික දැනුමක් මෙන්ම පිරිවැයක්ද අවශ්ය වූ බැවින් මෙම ක්රමය ජනප්රිය ක්රමයක් විය.
2007- මනම්පිටිය නව පාලම විවෘත කිරීම
එවක මෙරට තිබූ දිගම පාලම වූ 1922 දී ඉදි කරන ලද මනම්පිටිය යකඩ පාලමට
(දිග මී. 291) සමාන්තරව දිගින් මී.
302 ක් වූ මෙම කොන්ක්රීට් පාලම ඉදි කරන
ලදී.
මෙම පැරණි පාලම මත මහාමාර්ගයත් දුම්රිය මාර්ගයත් එකට පිහිටා තිබුණ අතර දැන්
දුම්රිය මාර්ගය සඳහා පමණක් භාවිතා කරයි.
Old Bridge |
පේරාදෙණිය නුවරඑළිය (A5) මාර්ගයේ රම්බොඩ පාස් නමින් හැඳින්වූ පටු මාර්ග තීරුව නිසා ඇතිවූ මාර්ග
තදබදයට පිළියමක් ලෙස ඒ අසලින් දිගින් මී. 225ක් වූ උමං මාර්ගයක් තනන ලදී.
කොළඹ නුවර (A 01) මාර්ගය කැළණිය පෑලියගොඩ අසලදී දුම්රිය
හරස් මාර්ගයක් හරහා ගමන් කල බැවින් සිදුවූ මාර්ග තදබදය අවම කිරීම සඳහා එම ස්ථානයේ ගුවන්
පාලමක් ඉදි කරන ලදී. මෙය මෙරට යකඩින් ඉදිවූ ප්රථම ගුවන් පාලම වන අතර දින 60ක් වැනි කෙටි කාලයකදී
මෙම පාලම සවිකර අවසන් කිරීමට හැකිවීම විශේෂත්වයකි.
2008-
දැනට
භාවිතා
වන
2008 අංක
40 දරණ
ජාතික
මංමාවත් පනත
(National Thoroughfares Act) ක්රියාත්මක
කිරීම
කාලීන
අවශ්යතාවයන්ට
ගැලපෙන
පරිදි
එවකට
තිබූ
මංමාවත් පනත
සංශෝධනය කරන
ලදී.
ප්රධාන
නගරයන්හි මාර්ග
තදබදය
අවම
කිරීමේ අරමුණින් තවත් ගුවන්
පාලම්
5 ක්
ඉදි
කරන
ලදී.
මින්
නුගේගොඩ හා
දෙහිවල
ඉදි
කල
ගුවන්
පාලම්
මහාමාර්ග මංසන්ධියක ඉදි
කල ගුවන් පාලම් වීම විශේෂත්වයකි.
එවකට
මෙරට
තිබූ
දිගම
පාලමේ
දිග
ප්රමාණය
ඉක්මවායමින් ත්රිකුණාමලයේ
තඹලගම්
බොක්ක
හා
කොඩ්ඩියාර් බොක්ක
හරහා
ත්රිකුණාමලය
මඩකලපුව මාර්ගයේ (A
15) ඉදි
කල
මෙම
පාලම
දිගින්
මී.
396 ක්
වේ.
මෙය
දැනට
ප්රධාන
මාර්ගයක ඇති
දිගින්
වැඩිම
පාලම
වේ.
එතෙක්
පැවති
ග්රාමීය
මාර්ග
කොන්ක්රීට්
කිරීමේ
ක්රමය
වෙනුවට
අන්තර්
සම්බන්ධිත කොන්ක්රීට්
කුට්ටි
ගල්
ඇල්ලීමේ ක්රමය
හඳුන්වා දෙන
ලදී.
ප්රජා
මූල
සංවිධාන මගින්
මෙම
මාර්ග
ඉදි
කිරීම්
කරන
ලද
අතර
මේ මගින් පෙර පැවති
ක්රමයට
වඩා
හොඳ
ප්රමිතියකින්
යුතුව
මාර්ග
සංවර්ධනය කල
හැකි
විය.
බොහෝ
කාලයක්
තිස්සේ
පාලම්
පාරු
සේවයක්
මගින්
ප්රවාහන
කටයුතු
කල
හිරණ
තොටුපල
අසල
දිගින්
මී.
125ක්
වූ
යකඩ
පාලමක්
ඉදි
කරමින්
මාර්ග
තදබදයට
විකල්ප
මාර්ගයක් හඳුන්වාදෙන ලදී.
යාපනය මන්නාරම (A32) මාර්ගයේ කරෙයිතිව්
හා
පුනරින් අතර
සංගුපිඩ්ඩි ජැටිය
අසල
එවකට
තිබූ
පාරු
සේවය
වෙනුවට
යකඩ
පාලමක්
ඉදි
කරන
ලදී.
දෙපසින්ම ජැටියට
සම්බන්ධවූ මෙම
පාලමට
යටින්
යාපනය
කලපුවට
ඇතුල්වන බෝට්ටු
වලට
යාම
පිණිස
ආරුක්කු හැඩයකින් ඉදිකිරීම මෙහි
ඇති
විශේෂත්වයි.
යාපනය
අර්ධද්වීපයට පිවිසෙන දෙවන
ගොඩබිම් මාර්ගය මෙය යි
අධිවේගී
මාර්ගයක අත්දැකීම ශ්රී ලාංකිකයිට ලබා දෙමින් කොට්ටාව
හා
පින්නදූව අතර
දක්ෂිණ
අධිවේගි මාර්ගය
ජනතා
අයිතියට පත්
කල අතර මේ මගින් පැයකට අඩු කාලයකදී කොළඹ සිට ගාල්ලට ළඟා වීමේ
අවස්ථාව උදා විය.
දුෂ්කර
මාර්ගයක්ව පැවති
18 වංගුව
පවතින
A 26 මහනුවර
මහියංගනය මාර්ගය පුනරුත්ථාපනය කරමින් එවකට පැය 3කට වඩා වැඩි කාලයක් ගතවූ මහනුවර මහියංගනය
ගමන විනාඩි 90කට අඩු කිරීමට හැකි විය
පලමුවරට කුලුණු
මත
(Viaduct) මාර්ග ඉදිකරමින් තැනූ
කොළඹ
කටුනායක අධිවේගි මාර්ගය
විවෘත
කිරීමත් සමග කොළඹ සිට කටුනායකට විනාඩි 15කින් ළඟාවීමට අවස්ථාව උදා විය.
කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් පිටත වටරවුම අධිවේගී මාර්ගය ඉදි
කල අතර එය කොට්ටාව දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට කඩුවෙල දක්වා ඉදි කල අතර ඉන් පසුව කඩවතට
හා කටුනායක අධිවේගී මාර්ගය දක්වා දීර්ඝ කිරීමට නියමිතව තිබින.
ශ්රි ලංකාවේ දිගම පාලම ලෙසට දැනට සැලකෙන
කි.මී. 3.1 ක් පමණ දිගින් යුත් මහවැව
පාලම (Viaduct) පවතින්නේ ද මෙම මාර්ගයේය.
මේ වන
විට
කි.මී. 12,342 පමණ
වූ
දිගකින් යුත්
ජාතික
මහා
මාර්ග
පද්ධතියක නඩත්තු
කිරීමේ
හා
සංවර්ධනය කිරීමේ
සුවිශේෂී වගකීම
පැවරී
ඇත්තේ
මාර්ග
සංවර්ධන අධිකාරියටයි.
එයට
A ශ්රේණියේ
මාර්ග
කි.මී. 4,217 ක
පමණ
දුරක්
වන
අතර
B ශ්රේණියේ
මාර්ග
කි.මී. 7,956 ක
පමණ
දුරක්
වේ.
අධිවේගී මාර්ග
පද්ධතියේ දැනට
භාවිතා
වන
දුර
ප්රමාණය
කි.මී.169 ක් පමණ
වන
අතර
මෙම
මාර්ග
ජාලය
අනාගත
අවශ්යතාව
අනුව
තව
තවත්
පුලුල්
වෙමින්
පවතී.
ශ්රී ලාංකීය මාර්ග සංවර්ධන ඉතිහාසය දෙස හැරී බැලීමේදී මාර්ග සංවර්ධන අධිකාරිය
පිහිටුවීමත් සමග පසුගිය දශක කීපය තුල මාර්ග සංවර්ධනයේ කැපීපෙනෙන
වෙනස්කමක් සිදුව ඇති බව පැහැදිලි වේ. එයට ප්රධානම හේතුව වී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය කාලීන හා අනාගත අවශ්යතා හඳුනාගැනීමත්, නවීන තාක්ෂණය යොදා ගනිමින් මාර්ග
සංවර්ධනය කිරීමත් නිසාය. ඒ සඳහා අවශ්ය සංව්ධාන ව්යුහය අධිකාරිය තුල පැවතීම, දේශීය ඉංජිනේරු
වරුන්ගේ දැනුම හා අනෙක් සියලුම නිලධාරින්ගේ කැපවීම නිසාත් මෙම සංවර්ධන කාර්යය යථාර්ථයක් බවට බත් කර ගත හැකිවී
ඇත.
එබැවින්
මාර්ග සංවර්ධන අධිකාරියට ශ්රී ලාංකීය මාර්ග සංවර්ධනයේ බලය පැවරී වසර
30ක් ගත වන මේ මොහොතේදී කාලීන හා අනාගත අවශ්යතා වෙනුවෙන් නව තාක්ෂණයන් යොදා ගනිමින් කාර්යක්ෂම,
ආරක්ෂාකාරි හා සුවපහසු මාර්ග ජාලයක් ශ්‍රී ලාංකීය ජනතාව වෙත
ලබා දීමට මාර්ග සංවර්ධන අධිකාරිය බැඳී සිටින බව කිව යුතුය.
තොරතුරු
ගවේෂණය -
ඊ.එස්.කේ.සමරසිංහ.
ඉංජිනේරු
මාර්ග සංවර්ධන
අධිකාරිය
දෙනියාය,
දෙනියාය,
ආශ්‍රිත මූලාශ්‍ර
Anjana Jayashan- “Sri Lanka: Sixth Flyover and the Bridge Opened for Traffic” (http://www.asiantribune.com/news/2010/01/13/sri-lanka-sixth-flyover-and-bridge-opened-traffic)
Arnold Wright- “Twentieth Century Impressions of Ceylon_ Its History, People, Commerce”
Anjana Jayashan- “Sri Lanka: Sixth Flyover and the Bridge Opened for Traffic” (http://www.asiantribune.com/news/2010/01/13/sri-lanka-sixth-flyover-and-bridge-opened-traffic)
Arnold Wright- “Twentieth Century Impressions of Ceylon_ Its History, People, Commerce”
Ariyadasa Ratnasinghe –
” Cutting the first sod of earth for the Railway” (http://archives.dailynews.lk/2004/08/03/index.html)
Bartholomeusz C.E. –
“Road Development in Ceylon – 1952”
Hugh Karunanayake – “The
Early Years of Motoring in British Ceylon” (https://thuppahi.wordpress.com/2013/01/08/the-early-years-of-motoring-in-british-ceylon/)
Irangika RANGE –
“Kelaniya Flyover opening today” (http://archives.dailynews.lk/2008/03/25/news02.asp)
Royston Ellis – “Hop in
for a ride back to the first three wheeler” (http://www.sundaytimes.lk/100919/Plus/plus_27.html)
Sumana Saparamadu –
“Colombo-Kandy road and the Dawson Tower” (http://www.sundayobserver.lk/2011/06/26/jun05.asp)
Suranga Rajanayaka and
R.S. Keeriyawatte – “Lanka’s longest tunnel takes shape at Ramboda” (http://www.sundaytimes.lk/060903/Kandy/kt6.html)
Tia Goonaratna – “Sri
Lanka’s British Street Names” (http://roar.lk/srilanka-life/srilankas-british-street-names/)
ඉංජිනේරු ලයනල් රාජපක්ෂ - “මහ මගක කථාව”
එච් ඒ එස් පෙf¾රා - “දැනුම”
E01 - Southern
Expressway (SE) – (http://www.exway.rda.gov.lk/index.php?page=expressway_network/e01)
Nugegoda flyover Opens
Today – (http://www.lankanewspapers.com/news%5C2009%5C1%5C38165_image_headline.html)
President opens Dehiwala
flyover – (http://www.priu.gov.lk/news_update/Current_Affairs/ca200910/20091021president_opens_dehiwala_flyover.htm)
President opens
Orugodawatta flyover to public – (http://www.colombopage.com/archive_091/Dec1261328023CH.html)
Satinwood Bridge over
the Mahaweli river near Peradeniya – (http://lankapura.com/2008/10/satinwood-bridge-mahaweli-ganga-river-near-peradeniya/#)
Mehi SDCC yannehi Sinhala nama; "Raajya Sanwardhana saha Nirmaana Neethigatha Sansthaawa" lesa niradi vuye nam manavi.
ReplyDeleteThere are important things that you can not unfortunately write here.
ReplyDelete