මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය වෙත සාදරයෙන් පිළිගනිමු
வரவேற்கிறோம் வீதி அபிவிருத்தி அதிகார - செயற் பொறியாளர் அலுவலகம் தெனியாய
Welcome to the Road Development Authority - Executive Engineer's Office Deniyaya

Monday, August 8, 2016

සෙවණක් අවැසි ඔවුනට සරණක් වීමු.

උක්ත සංකල්පය යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයේ සුභ සාධක සංගමය මගින් ඉදි කරන ලද දෙවන නිවහන 2016 අගෝස්තු මස 05 දින උදෑසන 10.12 ට යෙදුන සුභ මුහුර්තියෙන් දෙනියාය ශි්‍ පුෂ්පාරාම විහාරවාසී මාර/දෙනියාය රාඡපක්ෂ විදුහලේ නියෝඡ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පුඡ්‍ය ඛෙරලපනාතර රතනසාර හිමියනගේ් සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ අප පෝරුපිටිය වැඩ ඒකකයේ සේවය කරන එම්. සමන්ත මහතාට හා ඔහුගේ පුතුට පරිත්‍යාග කරන ලදී.

නිවසක් තනා ගැනිමට අවශ්‍ය කළමනාකරණ හැකියාවක් නොමැති එම කම්කරු මහතා එක් දරු පියෙකු වන අතර එම දරුවාට සිය මව ද අහිමි වූවෙකි. මොරවක කනිෂ්ඨ විද්‍යාලයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරන එම සිසුවා සිය පියා සමග කුඩා පැල්පතක ඉතා දුෂ්කර දිවියක් ගත කරමින් සිටියදී දෙනියාය විධායක ඉංඡිනේරු කාර්යාලයේ විධායක ඉංඡිනේරු විපුල කරුණාරත්න මහතාගේ මුලිකත්වයෙන් හා උපදේශකත්වය සහ සියලූ ම කාර්යාලයේ නිළධාරීන්ගේ සහ කම්කරු මහතුන්ගේ දායකත්වයෙන් මෙම නිවහන ඉදි කරන ලදී.

එහි දී ලද දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයේ සහෝදර කම්කරු මහතුන්ගේ ශ්‍රම දායකත්වය ඉතා අගය කොට සැළකිය යුතුය. එමගින් අවම පිරිවැයකින් මාස 06 ක් වැනි කෙටි කාලයකින් අංග සම්පුර්ණ නිවසක් නිර්මාණය කළ අතර අත්‍යාවශ්‍ය ගෘහ උපකරණ සහ විදුලි බලයද ලබා දෙන ලදී. එම්. සමන්ත මහතා විසින් ලබාගත් බැංකු ණය මුදල මේ සදහා යොදවන ලද අතර සම්පුර්ණ ශ්‍රම දායකත්වය සහෝදර කම්කරු මහතුන්ගෙන් ලැබුණි.  මෙම නිවහන අංග සම්පුර්ණව ඉදිකිරීම සදහා දළ ඇස්තමේන්තු ගත මුදල රු. ලක්ෂ 12 වූවද සැමගේ දායකත්වය හමුවේ රු. ලක්ෂ 6.5 වැනි අවම පිරිවැයකින් හා අවම කාලයකින්  නිවහන  අංග සම්පුර්ණ කිරීම සුභ සාධක සංගමය වශයෙන් ලද ජයග්‍රහණයක් බව සදහන් කල යුතුය.



 Related News Paper Article


වෙනත්:

දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයේ සුභ සාධක සංගමය මගින් ඉදි කරන ලද පලමු නිවහන