මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය වෙත සාදරයෙන් පිළිගනිමු
வரவேற்கிறோம் வீதி அபிவிருத்தி அதிகார - செயற் பொறியாளர் அலுவலகம் தெனியாய
Welcome to the Road Development Authority - Executive Engineer's Office Deniyaya

Monday, April 1, 2019

දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය 2018 - ජාතික ඵලදායිතා තරගාවලියේ දී දෙවන වරටත් සම්මානයෙන් පිදුම් ලබයි.


ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් 2018 වර්ෂයට අදාලව පවත්වනු ලැබූ ඵලදායිතා සම්මාන තරගාවලියේ ජයග්‍රාහි ආයතන සදහා සම්මාන පිරිනැමීමේ උත්සවය අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හා කථානායක ගරු කරූ ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019.03.26 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින.

සේවා අංශයේ සුළු පරිමාණ කාණ්ඩයේ තුන්වන ස්ථානයක් දිනාගැනීමට මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය සමත්වූ අතර මෙවන් සම්මානයක් දිනාගනු ලබන්නේ නොකඩවා දෙවන වරටත් වීම විශේෂත්වයකි.

පංචවිධ සංකල්පය කාර්යාල පරිසරය තුල ක්‍රියාත්මක කරවමින්, කාර්යාල ක්‍රියාවලි තාක්ෂණික ක්‍රම මගින් වැඩිදියුණු කරමින් මාර්ග නඩත්තු කටයුතු සදහා පරිසර හිතකාමී ක්‍රමවේද භාවිත කරමින් 2016 – 2017 වර්ෂයන් තුල ආයතනය බලාපොරොත්තු වූ ප්‍රතිඵල කරා ලගාවීමට හැකි වීම මෙම ජයග්‍රහනයට පදනම විය.


No comments:

Post a Comment