මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය වෙත සාදරයෙන් පිළිගනිමු
வரவேற்கிறோம் வீதி அபிவிருத்தி அதிகார - செயற் பொறியாளர் அலுவலகம் தெனியாய
Welcome to the Road Development Authority - Executive Engineer's Office Deniyaya

Tuesday, November 23, 2021

EXECUTIVE ENGINEER OFFICE DENIYAYA

https://photos.google.com/share/AF1QipN38mg5yRgHHcUvGq631VRzme3-OYlaJOvcYnPRO5prqfLMZ0iNWGAAImQR7LbxTA?key=ZlZCcHZYYnBrMUlJWEwyMG1QRHJBc01KVGtPdnln



RDA Deniyaya Office is one of the Executive Engineer offices of Road Development Authority. It responsible for the Maintenance and Development of the National Highways within Deniyaya Executive Engineer's Division.                                                                            
Maintenance of Main Class A and Class B Roads belonging to Deniyaya Executive Engineer's Division are carried out by 3 Work Units at Porupitiya, Indikatudeniya and Beragama.                 
Maintain the National Highways in Deniyaya division, Provide road safety for the road users are main objectives of our Office.

  RDA Executive Engineer's Office Premises - Porupitiya Waralla


About Our Office




Registration of Suppliers, Contractors for 2022- (මාර්ග සංවර්ධන අධිකාරිය සදහා ඉදිිරි 2022 වර්ෂය වෙනුවෙන් සැපයුම්කරුවන් හා කොන්ත‍්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම)

1. උපදෙස් 



Closing Date : 31/12/2021



Monday, April 1, 2019

දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය 2018 - ජාතික ඵලදායිතා තරගාවලියේ දී දෙවන වරටත් සම්මානයෙන් පිදුම් ලබයි.


ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් 2018 වර්ෂයට අදාලව පවත්වනු ලැබූ ඵලදායිතා සම්මාන තරගාවලියේ ජයග්‍රාහි ආයතන සදහා සම්මාන පිරිනැමීමේ උත්සවය අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හා කථානායක ගරු කරූ ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019.03.26 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින.

සේවා අංශයේ සුළු පරිමාණ කාණ්ඩයේ තුන්වන ස්ථානයක් දිනාගැනීමට මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය සමත්වූ අතර මෙවන් සම්මානයක් දිනාගනු ලබන්නේ නොකඩවා දෙවන වරටත් වීම විශේෂත්වයකි.

පංචවිධ සංකල්පය කාර්යාල පරිසරය තුල ක්‍රියාත්මක කරවමින්, කාර්යාල ක්‍රියාවලි තාක්ෂණික ක්‍රම මගින් වැඩිදියුණු කරමින් මාර්ග නඩත්තු කටයුතු සදහා පරිසර හිතකාමී ක්‍රමවේද භාවිත කරමින් 2016 – 2017 වර්ෂයන් තුල ආයතනය බලාපොරොත්තු වූ ප්‍රතිඵල කරා ලගාවීමට හැකි වීම මෙම ජයග්‍රහනයට පදනම විය.


Saturday, March 30, 2019

මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය හා මාතර කාර්යාල අතර පැවැත්වූ සුහද ක්‍රිකට් තරගාවලිය


මාර්ග සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් නිළධාරින් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් යුතුව දෙනියාය විධායක ඉංජිනේරු  කාර්යාලය විසින් සංවිධානය කරන ලද සුහද ක්‍රිකට් තරගාවලිය 2019.03.30 දින මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

තරගාවලිය සදහා මාතර ප්‍රධාන ඉංජිනේරු  කාර්යාලය,  මාතර විධායක ඉංජිනේරු  කාර්යාලය හා දෙනියාය විධායක ඉංජිනේරු  කාර්යාලය නියෝජනය කරමින් කණ්ඩායම් තුනක් තරග වැදුනි.

තරගාවලිය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර අවසන් මහ තරගයට මාතර විධායක ඉංජිනේරු  කාර්යාලය හා දෙනියාය විධායක ඉංජිනේරු  කාර්යාලය සුදුසුකම් ලබා ගත්හ. එහිදී තියුණු සටනක් දෙමින් පන්දුවක් ඉතිරිව තිබියදී අවසන් තරගය ජයගැනීමට  මාතර විධායක ඉංජිනේරු  කාර්යාල කණ්ඩායම සමත් විය.

තරගාවලියේ වීරයා - රවිදු රාමසිංහ  (ලකුණු 61 - කඩුලු 6) (මාතර වි. ඉ. කාර්යාලය)
හොදම පිතිකරු - ඒෂාන් මධුමාධව (ලකුණු 97) (දෙනියාය වි. ඉ.  කාර්යාලය)
හොදම පන්දුයවන්නා - දමිත් කුමාර (කඩුලු 5) (දෙනියාය වි. ඉ.  කාර්යාලය)

තරග සාරාංශය.

පළමු තරගය
මාතර විධායක ඉංජිනේරු  කාර්යාලය  - 107/5 (8.0)
රවිදු    - 44                              රංග           -16/2
දිලුක   - 20                             සදුන්          -19/1
රංග    - 13                              නිරෝෂන්  - 29/1
මාතර ප්‍රධාන ඉංජිනේරු  කාර්යාලය  - 79/8 (8.0)
නිශාන්ත   - 24                      රවිදු        - 9/3
නිරෝෂන්  - 16                      චතුරංග  - 8/1
නලින්         - 10                      චාමර       - 18/1
මාතර විධායක ඉංජිනේරු  කාර්යාලයට ලකුණු 28 ක ජයක්.

දෙවන තරගය
දෙනියාය විධායක ඉංජිනේරු  කාර්යාලය - 184/4 (8.0)
            ඒෂාන්    - 69*                         නිශාන්ත  - 19/2
            අනුෂ්ක  - 54                          රංග          - 29/1
            දමිත්      - 39                          සදුන්         - 29/1
මාතර ප්‍රධාන ඉංජිනේරු  කාර්යාලය  -50/8 (8.0)
            ඩිලන්ත   - 20                         දමිත්        - 3/3
            සුරංග     - 7                           එරන්ද      -11/2
            සංජීව      - 3                           ඒෂාන්      - 1/1
දෙනියාය විධායක ඉංජිනේරු  කාර්යාලයට ලකුණු 134 ක ජයක්.

අවසාන මහා තරගය
දෙනියාය විධායක ඉංජිනේරු  කාර්යාලය  - 74/8 (8.0)
            ඒෂාන්    -28                           චාමර      - 8/3
            දුමින්ද    - 15                          රවිදු        - 15/3
            සේනානායක - 12                 රංග        - 15/1
මාතර විධායක ඉංජිනේරු  කාර්යාලය  - 79/6 (7.5)
            රවිදු       - 17*                         දමිත්        - 10/2
            නුවන්     - 13*                         මධුශංක - 17/2
            චාමර     - 13                          එරන්ද     - 14/1         

            මාතර විධායක ඉංජිනේරු  කාර්යාලයට කඩුලු 4  ක ජයක්.



Wednesday, January 2, 2019

2018 ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියේ දිවයිනෙන්ම තෙවන ස්ථානය දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයට

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් පවත්වන ලද ජාතික ඵලදායිතා සම්මාන - 2018 තරඟාවලියේ සේවා අංශයේ ආයතන අතරින් දිවයිනෙන්ම තෙවන ස්ථානය ලබා ගැනිමට දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය සමත්වි ඇති බව හදපිරි සතුටින් දන්වා සිටින්නෙමු.

එම ජයග‍්‍රහණය ලබා ගැනීම සඳහා සහයෝගය හා මාර්ගෝපදේශකත්වය ලබා දුන් මාර්ග සංවර්ධන අධිකාරියේ,

  • සභාපතිතුමන්
  • අධ්‍යක්ෂ ජනරාල්තුමා 
  • අතිරේක අධ්‍යක්ෂ ජනරාල්තුමන්ලා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල හා කාර්ය මණ්ඩල
  • අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලය
  • නඩත්තු හා කළමනාකරණ අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලය 
  • පළාත් භාර අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්යමණ්ඩලය
  • ප‍්‍රධාන ඉංජිනේරුතුමා (මාතර) ඇතුළු කාර්යමණ්ඩලය
  • මාතර විධායක ඉංජිනේරුතුමා ඇතුළු කාර්යමණ්ඩලය
  • ගාල්ල විධායක ඉංජිනේරුතුමා ඇතුළු කාර්යමණ්ඩලය
සහ
නන් අයුරින් සහයෝගය ලබාදුන් සියලූමදෙනාටම අපගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටින්නෙමු

විධායක ඉංජිනේරුතුමා, 
කාර්යමණ්ඩලය ඇතුළු සේවක මහතුන්

විධායක ඉංජිනේරු කාර්යාලය
දෙනියාය


Thursday, September 13, 2018

Blood Donation Campaign- RDA Deniyaya (28.09.2018) වාර්ෂික ලේ දන් දීමේ වැඩසටහන

දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයේ සුබ සාධක සංගමය මගින් 7 වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ වැඩසටහන මෙවරත් 2018.09.28 දින පෝරුපිටිය විධායක ඉංජිනේරු කාර්යාල පරිශ‍්‍රයේදී පැවැත්වේ.

පරිත‍්‍රාගශීලි ඔබ සැමට ආරාධනා


සය වසරක අපගේ ගමන් මගේ මතක සටහන්.......

1. 2012 ජුනි 30

2. 2013 ජුනි 28

 

3. 2014 ජුලි

 

4. 2015 ජුනි 30


5. 2016 දෙසැම්බර් 02


6. 2017 දෙසැම්බර් 22


Tuesday, August 28, 2018

Blood Donation Campaign- RDA Deniyaya (28.09.2018) වාර්ෂික ලේ දන් දීමේ වැඩසටහන

දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයේ සුබ සාධක සංගමය මගින් 7 වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ වැඩසටහන මෙවරත් 2018.09.28 දින පෝරුපිටිය විධායක ඉංජිනේරු කාර්යාල පරිශ‍්‍රයේදී පැවැත්වේ.

පරිත‍්‍රාගශීලි ඔබ සැමට ආරාධනා