මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය වෙත සාදරයෙන් පිළිගනිමු
வரவேற்கிறோம் வீதி அபிவிருத்தி அதிகார - செயற் பொறியாளர் அலுவலகம் தெனியாய
Welcome to the Road Development Authority - Executive Engineer's Office Deniyaya

Thursday, January 21, 2016

The Importance of the Duruthu Full Moon Poya Day

දුරුතු පොහොය දින සිදු වු වැදගත් සිදුවීම්.

වර්ෂයේ  මුල්ම මාසය වන දුරුතු මාසය ලංකාවාසී අප හැමදෙනාට වැදගත් පොහොයකි.

     1.     බුදුන් වහන්සේ ලංකාවට පලමු වරට වැඩියේ දුරුතු පොහොය දිනක දීය. මහියංගනයේ පිහිටි මහානාග නමැති උයනේ යක්ෂ හා නාග ගෝත්‍රිකයන් දෙපිරිසක් අතර ඇතිවූ අරගලයක් විසඳීමට එහි වැඩම කරන ලදී.


2.     තවද, එහි පැමිණ සිටි සුමන සමන් දෙවියන් පූජාවට සුදුසු  දෙයක් ඉල්ලා සිටි අවස්ථාවේ බුදු හිමියන් කෙස් මිටක් ලබාදී ඇති අතර සුමන සමන් දෙවියන් විසින් බුදුරජුන් වැඩසිටි ස්ථානයෙහිම එම කේශ ධාතු තැන්පත් කොට අඩි 10 ක් උස ස්ථූපයක් කරවූ බව ඉතිහාසයේ සඳහන් වේ. එය මහියංගන ස්ථූපයයි.


3.      කැලණි පෙරහර පවත්වන්නේද දුරුතු මාසයේදීය.




4.      බුදුන් වහන්සේ විසින් තම ධර්මය ලෝක සත්වයා කෙරෙහි දේශනා කිරීමේ මුල් පියවර තබමින් උරුවෙල් දනව්වට වැඩම කර තුන්බෑ ජටිලයන්ට ධර්මය දේශනා කලේද  දුරුතු පොහොය දිනකදීය.

5.      මගධ නුවර වෙත වැඩම කල බුදුරජානන් වහන්සේ ඇතුලු පිරිවර බිම්බිසාර රජතුමාට දහම් දෙසා එනුවර වැසියන් තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත්කලේ මෙම මාසෙයේදීය.


6.      බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුලු මහ සඟරුවනට වේලුවනාරාමය පූජා කලේද මෙම පොහොය දිනයේදීය.