මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය වෙත සාදරයෙන් පිළිගනිමු
வரவேற்கிறோம் வீதி அபிவிருத்தி அதிகார - செயற் பொறியாளர் அலுவலகம் தெனியாய
Welcome to the Road Development Authority - Executive Engineer's Office Deniyaya

Tuesday, November 22, 2016

ඵලදායිතා සම්මාන ජය ලැබූ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයට මුදලින් රු. 200,000.00 ක්

2015 වර්ෂයට අදාලව පැවැත්වූ ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියේ ජයග‍්‍රහන ලැබූ දකුණු පලාතේ ආයතන සඳහා වන මුදල් ත්‍යාග පිරිනැමීමේ උත්සවය 2016.11.21 දින දකුණු පලාත් ප‍්‍රධාන අමාත්‍ය ගරු ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගාල්ලේදී පැවැත්විනි.


එහිදී ක්ෂුද්‍ර පරිමාණ කාණ්ඩයේ දෙවන ස්ථානය ලැබූ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයට මුදලින් රු. 200,000.00 ක ත්‍යාග මුදලක් හිමිවු අතර දකුණු පලාතේ ආයතන වලින් දෙවන ස්ථාන ලැබූ ආයතන අතලොස්ස අතරින් තරඟයට ඉදිරිපත්වූ පලමු වතාවේදීම ජයග‍්‍රහනයක් ලබා ගත් දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය සුවිශේෂී ඇගයීමකට පාත‍්‍රවිය.


ජයග‍්‍රාහී මුදල් ත්‍යාගයට අදාල චෙක්පත, දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයේ හිටපු විධායක ඉංජිනේරු විපුල කරුණාරත්න මහතා විසින් ලබා ගත් අතර එම ජයග‍්‍රාහී මුදලින් කාර්යාලයේ ඵලදායිතා ප‍්‍රවර්ධනයට අවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට හැකි විය.