මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය වෙත සාදරයෙන් පිළිගනිමු
வரவேற்கிறோம் வீதி அபிவிருத்தி அதிகார - செயற் பொறியாளர் அலுவலகம் தெனியாய
Welcome to the Road Development Authority - Executive Engineer's Office Deniyaya

Sunday, December 4, 2016

ඵලදායිතා සම්මාන ජයට ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයෙන් උපහාර පිදේ

දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය ඵලදායිතා සම්මාන දෙවන ස්ථානය දිනා ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලයක් ඵලදායිතා තරඟයක් ජයග්‍රණය කල පලමු අවස්ථාව සනිටුවහන් කිරීම නිමිත්තෙන් එයට උපහාර පිදීමේ උත්සවයක් 2016.12.01 දින මාතර  ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයේදී පවත්වන ලදී.

මෙම උත්සවය මාතර ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය හා මාතර විධායක ඉංජිනේරු කාර්යාලය එක්ව සංවිධානය කරන ලදී.

මෙයට අමතරව ඵලදායිතා සංකල්ප හා තත්ව කව පිලිබඳ වැඩසටහනක්ද දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයේ නිලධාරින් විසින් පවත්වන ලද අතර එමගින් මාතර කාර්යාලයේ නිලධාරින්හට ඵලදායිතාව පිලිබඳ අවබෝධය ලබා දීම සිදුකරන ලදී.