මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය වෙත සාදරයෙන් පිළිගනිමු
வரவேற்கிறோம் வீதி அபிவிருத்தி அதிகார - செயற் பொறியாளர் அலுவலகம் தெனியாய
Welcome to the Road Development Authority - Executive Engineer's Office Deniyaya

Thursday, December 15, 2016

2015 ජාතික ඵලදායිතා තරඟාවලියේ දෙවන ස්ථානය දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයට


2015 වර්ෂයට අදාලව පැවැත්වූ ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියේ ජයග්‍රාහී ආයතන සඳහා සම්මාන පිරිනැමීමේ උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2016.12.14 වැනි දින රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින

එහි දී ක්ෂුද්‍ර පරිමාණ කාණ්ඩයේ දෙවන ස්ථානය දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයට හිමිවූ අතර ජයග්‍රහනයට අදාල කුසලානය” එම ජයග්‍රහනයේ නියමුවා වූ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයේ හිටපු විධායක ඉංජිනේරු විපුල කරුණාරත්න මහතා විසින් ලබා ගන්නා ලදී

මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලයක් ජාතික මට්ටමේ තරඟයක් ජයග්‍රණය කල පලමු අවස්ථාව මෙන්ම” දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය මෙවැනි තරඟයක් සඳහා ඉදිරිපත්වූ පලමු අවස්ථාවද මෙය වන අතර” පලමු වතාවේදීම ජයග්‍රහනයක් ලබා ගැනීමට හැකිවීම සුවිශේෂී කාරණයකි

පංචවිධ සංකල්පය කාර්යාල පරිසරය තුල ක්‍රියාත්මක කරමින් කාර්යාල බාහිර හා අභ්‍යන්තර පරිසරයන් ඵලදායී ලෙස සකස් කර” බාහිර සේවා ලාභීන්ගේ සේවා අවශ්‍යතාවය නොපිරිහෙලා ඉටුකිරීමට විශේෂ වූ ව්‍යාපෘති දියත් කරන අතර තුර කාර්යාලීය නිලධාරී හා සේවක මණ්ඩලයේ සමගිය” සුහදතාව හා ආකල්ප වර්ධනය වෙනුවෙන් ද වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිදු කල ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහනය හඳුන්වා දිය හැකිය



ජයග්‍රාහි කුසලානය හා සහතිකය අතැතිව




ජයග්‍රාහි කුසලානය හා සහතිකය පෙරටුකොටගත් දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයීය නිලධාරී හා සේවක මඩුල්ලෙන් කොටසක්