මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය වෙත සාදරයෙන් පිළිගනිමු
வரவேற்கிறோம் வீதி அபிவிருத்தி அதிகார - செயற் பொறியாளர் அலுவலகம் தெனியாய
Welcome to the Road Development Authority - Executive Engineer's Office Deniyaya

Monday, January 2, 2017

New Year Calendar


දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයීය සුබ සාධක සංගමය විසින් 2017 වර්ෂය සඳහා මුද්‍රණය කල දින දර්ශනය

මෙවර ප්‍රධාන ඡායාරූපයෙන් දැක්වෙන්නේ තිහගොඩ කඹුරුපිටිය මාවරල කොටපොල (B-415) මාර්ගයේ 35 වන කිලෝ මීටරයේ ඇති ආඳලූව වැලමිට වංගුවේ දර්ශනයකි. මෙම මාර්ගය 2013 වර්ෂයේදී චීන බැංකු ආධාර - ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය යටතේ වැඩිදියුණු කල අතර එහිදී මෙම ආඳලූව වංගුව අසල වැඩිදියුණු කිරීම අභියෝගාත්මක කටයුත්තක් විය. ඊට පෙරාතුව මෙම ස්ථානය හරහා ගමන් ගන්නා ලද වාහන (විශේෂයෙන් දොර දෙකේ බස් රථ) වලට මෙම වංගුව පසු කර යාම මහත් අපහසු විය. වර්තමානයේ මෙම ස්ථානය ඉතා සුන්දර ස්ථානයකි. එසේම රියදුරන්ට හා මගීන්ට අපහසුවකින් තොරව හාත්පස සුන්දරත්වය නරඹමින් ගමනාන්තය දක්වා යෑමට අවශ්‍ය පරිදි මාර්ගය වැඩිදියුණු කර ඇත.

අතිරේක ඡායාරූප වලින් දැක්වෙන්නේ
•    2015 වර්ෂයට අදාලව පැවැත්වූ ජාතික ඵලදායිතා තරඟාවලියේ දිවයිනෙන්ම දෙවන ස්ථානයක් ලබා ගැනීම නිමිත්තෙන් දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය ලැබූ ජයග්‍රාහී සම්මානයයි.
•    2015 ජාතික ඵලදායිතා තරඟාවලියට සමගාමීව අප කාර්යාලය තුල පංචවිධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් පසු කාර්යාලය හා ඒ අවට දැක්වෙන ඡායාරූපය.
•    ඵලදායිතා සංකල්ප ක්‍රියාවට නංවමින් කාර්යාල අභ්‍යන්තර හා බාහිර පරිසරය වැඩි දියුණු කල ආකාරත්, ඵලදායිතාව වැඩිදියුණු කර ගැනීමට කල විශේෂිත ව්‍යාපෘති කිහිපයකත් ඡායාරූප වේ.

2017 වර්ෂය ඔබ සැමට සුබ නව වසරක් වේවා!



No comments: