මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය වෙත සාදරයෙන් පිළිගනිමු
வரவேற்கிறோம் வீதி அபிவிருத்தி அதிகார - செயற் பொறியாளர் அலுவலகம் தெனியாய
Welcome to the Road Development Authority - Executive Engineer's Office Deniyaya

Tuesday, January 2, 2018

දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලයීය සුබ සාධක සංගමය විසින් 2018 වර්ෂය සදහා සකස් කරන ලද දින දර්ශනය.


මෙවර ප්‍රධාන ඡායාරූපයෙන් දැක්වෙන්නේ කොටපොල කිරුවානා ඇල්ලයි. තිහගොඩ කඹුරුපිටිය මාවරල කොටපොල මාර්ගයේ කොටපොල සිට කි. මී. 3ක් පමණ යනවිට මෙම ඇල්ලට ඇති ප්‍රවේශ මාර්ගය පිහිටා ඇත.
නිල්වලා ගගේ අතු ගංගාවක් වන කිරුවාන ගග හෙවත් කොටපොල ගගෙහි මෙම ඇල්ල නිර්මාණයවී තිඛේ. බටාදුර, පාතවිට, මුගුණුමුල්ල යන ප්‍රදේශ මෙම ඇල්ලට පෝෂණය සපයන අතර වර්ෂයේ වැසි සමය තුල මෙම ඇල්ල ඉතා අලංකාරව ඇදහැලේ.
ශ්‍රී ලංකාවේ දිය ඇලි වලින් පළලින්  වැඩිම දිය ඇලි අතර සුවිශේෂි තැනක් මෙම ඇල්ලට හිමිවිය යුතුව තිබුනද බොහෝ දෙනාගේ අවධානය මෙම ඇල්ලට තවමත් ලැබී නොමැත.

අතිරේක ඡායාරූපයෙන් දැක්වෙන්නේ පෝරුපිටිය විධායක ඉංජිනේරු පරිශ්‍රය තුල වැඩහිදිමින් අප සැමට සෙවණ හා ආශිර්වාදය සලසන බෝ සමිදුන්  වහන්සේය.

ඔබ සැමට උදාවූ 2018 නව වර්ෂය යහපත් පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා.

No comments:

Post a Comment