මාර්ග සංවර්ධන අධිකාරියේ දෙනියාය විධායක ඉංජිනේරු කාර්යාලය වෙත සාදරයෙන් පිළිගනිමු
வரவேற்கிறோம் வீதி அபிவிருத்தி அதிகார - செயற் பொறியாளர் அலுவலகம் தெனியாய
Welcome to the Road Development Authority - Executive Engineer's Office Deniyaya

Wednesday, April 25, 2018

බක්මහ උළෙල - 2018

මාර්ග සංවර්ධන අධිකාරිය - දෙනියාය

දෙනියාය මාර්ග සංවර්ධන අධිකාරිය- සුභසාධක සංගමය මගින් සංවිධානය කරන ලද බක්මහ උළෙල අති උත්කර්ෂවත් අයුරින් 2018.04.24 දින පෝරුපිටිය වැඩ ඒකක පරිශ්‍රයේදී පවත්වන ලදී.

දෙනියාය විධායක ඉංජිනේරු කොට්ඨාසයේ නිලධාරීන් හා සියළුම කම්කරු මහතුන්ගේ සහභාගිත්වය ඇතිව සියළුම ජන ක්‍රීඩාවලට මුල්තැන දෙමින් සංවිධානය කරන ලද මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස කොටපොල ප්‍රාදේශිය ලේකම් ගනේෂ අමරසිංහ මහතා, මොරවක ලංකා බැංකු ශාඛාවේ කලමනාකාරතුමිය, ව්‍යාපෘති ඉංජිනේරු තරංග මහතාද සහභාගී විය.

මාතර ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරු ගමගේ මහතාද , කාර්මික නිලධාරීන් වන ඉදුනිල් මහත්මිය, වික්‍රමසේකර මහතා හා මංජුල මහතා විනිශ්චය මණ්ඩලය ලෙස එක්විය.

ඉතා අලංකාරව ඉදිකර තිබු ගැමිගෙය, පොල්තෙල් පහන හා ජන සමාජයෙන් ඈත්වීයන උණ වෙඩිල්ල කාගේත් සිත්ගත් අංගවු අතර කිරි ඉතිරිවීම, අලෙවි කිරිම හා ගනුදෙනු කිරිම ඇතුළු සියළු චාරිත්‍රද ගැමිගෙය තුලදී සිදු කරන ලදී.

පවත්වන ලද ජනක්‍රීඩාවල ජයග්‍රාහකයන් පහත පරිදිවේ.

01. කණාමුට්ටිය බිදිම                - ඒෂාන් මයා (ඉදිකටුදෙනිය වැඩ ඒකකය)
02. අලියට ඇස තැබීම                - බී.ඩබ්.එස්.හේමචන්ද්‍ර මයා (බැරගම වැඩ ඒකකය)
03. පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරිම    - ජේ.අනුරාධ මයා (බැරගම වැඩ ඒකකය)
04. සැගවුණු අමුත්තා සෙවීම            - සුනේත්‍රා විජේසිංහ මිය (කාර්යාලය)
05. ඒදණ්ඩේ ගමන් කිරිම            - එල්.එම්.සේනානායක මයා (කාර්යාලය
06. ගිනිකූරෙන් ඉටිපන්දම් දැල්වීම        - ජේ.ඒ.ඉෂාරා මෙනවිය (කාර්යාලය)
07. කොට්ටපොර ගැසීම            - එන්.එල්.ටී.සෝමසිරි මයා (ඉදිකටුදෙනිය වැඩ ඒකකය)
08. ජන ගී ගායනය                - බී.ජී සරත් මයා (පෝරුපිටිය වැඩ ඒකකය)
09. හැන්ද මත දෙහිගෙඩිය තබා ගෙනයාම     - ඒෂාන් මයා (ඉදිකටුදෙනිය වැඩ ඒකකය)
10. වතුර බැලූන් හුවමාරු කිරිම        - සමන් ඉන්දික මයා සහ දමිත් කුමාර මයා (පෝරුපිටිය වැඩ ඒකකය)
11. කඹ ඇදීම                    - බැරගම වැඩ ඒකකය
12. සංගීත පුටු තරගය                - සමන්ති ගමගේ මිය (ඉදිකටුදෙනිය වැඩ ඒකකය)
13. බෝතලයට වතුර පිරවීම            - ඉදිකටුදෙනිය වැඩ ඒකකය
14. විකටඇදුම්    තරගය                - ඩබ්.සෝමදාස මයා (ලෙන්චිනා) (පෝරුපිටිය වැඩ ඒකකය)
15. ලිස්සන ගහ නැගීම                 -    එම්.පියසේන මයා, අයි.ජී.සුජීව මයා, එස්.රංජිත් මයා, වී.ජී.ජනක මයා,   එස්.ඒ.රංජිත් මයා, එච්.පී.සරත් මයා, ආර්.ඩී.කුමාරසිරි මයා


බක්මහ උළලේ අවසන් අංග කිහිපය වු විකටඇදුම් තරගය, ජන ගී ගායනය හා සංගීත පුටු තරගය එක්රැස්වු සැමටම ප්‍රබෝධය හා හාස්‍යය එක්කරවීමට සමත්විය. 2018 බක්මහ උළෙල අතිසාර්ථකව නිමාවට පත් කරන ලදි.
















No comments:

Post a Comment